මහ බැංකුවෙි රන් සංචිතය තවත් පහළට

0
261

මෙම 2022 වසරේ ඉකුත් ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සිය රන් සංචිතයේ තවත් කොටසක් විකුණා ඇති බවත් මේ හේතුවෙන් රන් සංචිත ඩොලර් මිලියන 92 දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.

පසුගිය 2021 දෙසැම්බර් මාසයේදී මහ බැංකුව රත්‍රන් අලෙවි කිරීමෙන් පසුව රන් සංචිතය ඩොලර් මිලියන 175 දක්වා අඩු වී තිබිණ.

2021 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ රත්‍රන් ටොන් 3.1ක් පමණ තිබී ඇතැයි ගණන් බලා ඇත.

එවිට ජනවාරි මාසයේ මෙරට ආර්ථික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රන් සංචිතය ටොන් 3.1 සිට ටොන් 1.6 දක්වා පහත වැටී ඇත.

මෙලෙස රන් සංචිතයෙන් ටොන් 1.5ක් පමණ මහබැංකුව විසින් ජනවාරි මාසයේ දී අලෙවි කර ඇති බව සඳහන් වෙි.

මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් එකල ප්‍රකාශ කළේ විකුණුම් සමස්ත සංචිත පහත වැටීම නිසා ද්‍රවශීල වත්කම් ඉහළ යනු ඇති බවයි.

මේ අතර, මෙරට විදෙස් සංචිතය ද දෙසැම්බර් මාසයේ පැවති ඩොලර් බිලියන 3.1 සිට මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here