Monday, September 23, 2024

මහ බැංකුවේ බැඳුම්කර වංචාවටත් වඩා මහා වංචාවක්

ශ්‍රි ලංකාවේ මහ බැංකුවේ මූල්‍ය ආයතන සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීමේදී අතිවිශාල මූල්‍ය වංචාවක් සිදු වී ඇති බවට මහ බැංකු අභ්‍යන්තරයෙන්ම ඉතා විශ්වාස කටයුතු ලෙස අප වෙත වාර්තා වෙයි. ප්‍රයිම් ලෑන්ඩ් සමාගම ශ්‍රි දළදා මාළිගාව සතු සින්නක්කර ඉඩම් කුප්‍රකට ලෙස විකුණා මහා පරිමාණ කෝටිපතියන් විය.ඔවුන් කොල්ලකාරී ලෙස උපයා ගත් මුදල්වලින් බංකොලොත් වීමට ගිය සෙලින්කෝ ග්‍රාමීන් ක්‍රෙඩිට් සමාගම මිලදී ගත්තේය.   අනතුරුව ප්‍රයිම් ග්‍රාමීන් ලෙසින් නම වෙනස් කර එය මිලදී ගත් මුදලට වඩා හතර ගුණයකට වඩා වැඩි මුදලකට HNB ග්‍රාමීන් වෙත විකුණා දැමුවේය. රජයේ නව මුදල් රෙගුලාසි යටතේ මූල්‍ය ආයතන සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබාදීම නවතා ඇත.යම් අයකුට හෝ ආයතනයකට මූල්‍ය සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් මින් පෙර ලියාපදිංචි වූ මූල්‍ය ආයතනයක් හරහා එය කළ යුතුය.    මින් ප්‍රයෝජනයට ගත් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ  අත යට ගනුදෙනුවකට අවතීර්ණ වී ඇත. ඒ අනුව සමිට් ෆිනැන්ස් PLC ආයතනය මිලියන 510 කට ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය ලබාදුන්නේය.මේ ප්‍රධානියාගේ ගජ මිතුරන් ඔහු අත යටින් ලබාදෙන සමාගම්හි කොටස් 5% ගෙන අධ්‍යක්ෂවරු ලෙස පත් කර ඇත. බංකොලොත්වී ගිය මූල්‍ය ආයතන කිහිපයක්ම මිලදී ගැනීම සඳහා ආයෝජකයන් ඉදිරිපත් වුවද මෙම බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ ප්‍රධානියාගේ බලපෑම මත එය වැළකී ගොස් ඇත.   මේ සෑම ගනුදෙනුවකින්ම මෙම ප්‍රධානියාට අතිවිශාල මුදල ලැබෙන බව මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය ආණ්ඩුව සමයේදී වත්කම් ප්‍රමාණය වැඩි කිරීම පිණිස කුඩා මූල්‍ය ආයතන විශාල මූල්‍ය ආයතන හා එකුතු කිරීමට නීතිය ක්‍රියාත්මක විය.   ඒ අනුව ආර්පිකෝ සමූහයේ රිචඩ් පීරිස් ෆිනෑස් සමාගම හා චිලව් ෆිනෑස් සමාගම සමඟ එකතු කිරීමට මහ බැංකුවෙන් බලකර සිටියත් එය විකිණීම සඳහා අවසරය ලබානොදුන්නේය.එහෙත් පෙර ජෝර්ජ් ස්ටුවට් ෆිනෑස් සමාගමවූ සමිට් ෆිනෑස් සමාගමට සර්වෝදය ෆිනෑස් සමාගම එකතු කිරීමකින් තොරව විකිණීමට නිසි අවසරය ලබාදුන්නේය මෙහිදී අප මතු කරන ප්‍රශ්නය නම් සමාගම් 2 කට නීති දෙකක් ක්‍රියාත්මක වූයේ කෙසේද යන්නයි. මෙම ප්‍රධානියා මුදල් ඇමතිවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට මුදල් ලබාදිය යුතුයැයි පවසමින් අදාළ මුදල් ගසා කෑම් සිදු කරයි. ජාතියේ හිත සුව පිණිස අප මෙය හෙළිදරවු කරන්නෙමු.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles