Friday, December 27, 2024

මහ බැංකුවේ රහස්‍ය දත්ත සම්මතයට පිටින් අරන්

පොදු ව්‍යාපාර කාරක සභාෙව් ක්‍රියාව ගැන අැමැතිවරු අගමැතිට පැමිණිලි කරති

ශ්‍රීලංකා මහ බැංකුව සතු රහස්‍ය දත්ත බාහිර පාර්ශ්වයන් වෙත නිකුත් කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය නීතිපති දෙපාර්තමේන්තුව විසින් පැහැදිළිවම නිශ්චය කර තිබිය දී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වර්තමානයේ ක්‍රියා කරමින් සිටින්නේ නිතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් යැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (14) පැමිණිලි කළහ. ඇමැති මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ඉහත පැමිණිල්ල ඉදිරිපත් කළේ ඊට අදාළ ලිපි ලේඛනද පෙන්වමිනි. වර්ෂ 2004 පෙබරවාරි මස 12 දා එවකට ධූරයේ සිටි නිතිපති කේ.සී.කමලසබේසන් මහතා වෙනුවෙන් ලිපියක් නිකුත් කරමින් රජයේ නිතිඥ රජිව් ගුණතිලක මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය දත්ත වෙනත් බාහිර පාර්ශ්වයන් විසින් ගත යුතු ආකාරය පිළිබඳ නිර්නායක ඉතාම නිරවුල්ව ඉදිරිපත් කර තිබේ.

ශ්‍රි ලංකා මහ බැංකු පරිශ්‍රය තුළදී මහ බැංකුව සතු රහස්‍ය දත්ත ඕනෑම අවස්තාවකදි නිතිපතිවරයාට ගත හැකි බව හිටපු නිතිපති කේ.සී.කමල‍සබේසන් මහතා විසින් නිකුත් කළ ලිපියේ පැහැදිළිවම සඳහන් වී තිබේ.

මහ බැංකුව සතු රහස්‍ය දත්ත ලබා ගැනිමට අදාළව හිටපු නිතිපතිවරයා විසින් දැක්වු ක්‍රමවේදය යළිත් සිහි ගන්වමින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී.සමරසිරි මහතා වත්මන් විගණකාධිපති එච් එම් ගාමිණි විජේසිංහමහතාට මෙම මස 30 දා යොමු කළ ලිපියද රජයේ ජ්‍යෙෂ්ඨඇමැතිවරුන් අගමැතිවරයාට ඉදරිපත් කර තිබේ. ශ්‍රි ලංකා මහ බැංකුව සතු රහස්‍ය දත්ත ලබා ගැනිම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය ගැන නිතිපති දෙපාර්තමේන්තුව පැහැදිළිවම කරුණු දක්වා තිබියදි කෝප් කමිටුවේ වත්මන් ක්‍රියා කලාපය හේතුවෙන් නිතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම අභියෝගයට ලක් කර ඇතැයිද ඇමැතිවරු අගමැතිවරයාට පෙන්වා දුන්හ.

ශ්‍රි ලංකා මහ බැංකුව සතු රහස්‍ය දත්ත තවත් පාර්ශ්වයකට ඉදිරිපත් කිරිමට අදාළ ක්‍රමවේදය නිතිපති දෙපාර්තමේන්තුව විසින් පැහැදිළි කර තිබියදි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ක්‍රියාකරන ආකාරය පිළිබඳව ඝෘජුවම මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නැයි ඇමතිවරු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles