මහ බැංකුව දේශපාලනීකරණය වුනොත් එය රටේ ආර්ථිකයේ අවසානය

0
321

රටක මහබැංකුව දේශපාලනීකරණය වුවහොත් එය රටේ ආර්ථිකයේ විනාෂය බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කරනවා. අදවනවිට ලෝකයේ ආර්ථිකය විනාෂ වී ඇති රටවල් සියල්ල ඊට උදාහරණ සපයා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිධූරය දැරීම වළක්වන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොණුකිරීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් විපක්ෂනායක කාර්යාලයේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සදහන් කළා.

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණය පිළිබදවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙහිදී අදහස් දැක්වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here