Wednesday, January 15, 2025

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 5.5%ක් සහ 6.5%ක් ලෙස පදනම් අංක 50කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඊට අනුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට සාපේක්ෂව බැංකු ණය පොලී අනුපාත හා ඉතුරුම් පොලී අනුපාත ද ඉහළ යනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4 ක් % ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව 2022 වසරේ අංක 01 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය අද දැනුම් දීමට නියමිතය.මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යනවාද, නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන මුදල් මණ්ඩල තීරණය දැනුම් දෙනු ඇත.


මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2021 නොවැම්බර් 24 දින රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම පවත්වා ගෙන යාමට තීරණය කරනු ලැබීය.


ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.00 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.00 මට්ටමේ පවත්වා ගෙන යාමට තීරණය කෙරුණි.


දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබුණි.


මේ අතර රොයිටර් වාර්තාවක් පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව 2022 සිය පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී, පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයන් සහ විශ්ලේෂකයින් පවසන බවයි.


වර්ධනය වන මිල පීඩනයන්ට මුහුණ දීම, බාහිර අභියෝග කළමනාකරණය කිරීම සහ රුපියල මත පීඩනය අඩු කිරීම සඳහාමහ බැංකුව විසින් මෙලෙස කටයුතු කරනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වෙි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles