මහ බැංකුව රන් සංචිතයත් විකුණයි

0
301

ශ්‍රී ලංකා මහා බැංකුව සතු රන් සංචිතවලින් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විකුණා දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව සතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 382 වටිනා රන් සංචිත වලින් දැන් ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4ක් වටිනා රන් සංචිත ප්‍රමාණයක් පමණක් බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ථශාස්ත්‍රඥ හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරන්නේ මේ අනුව ඉදිරියේ ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිත මිලියන 500 ක් වන ජාත්‍යන්තර ණය වාරික ගෙවීම් සිදු කරන්නේ කෙසේ ද යන්නයි.

චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10ක මුදල භාවිතයෙන් එම ණය මුදල ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහු සැක සංකා මතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here