Sunday, January 12, 2025

මහ බැංකු අධිපතිකම එරාන්ට ලැබෙයිද.?

මේමස 30 වන විට මහබැංකු අධිපති ධූරයට ස්ථීර අයෙකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවෙනවා. අර්ජුන් මහේන්ද්‍ර මහතාට මහබැංකු බැඳුම්කර ගනුදෙනුවකට අදාළව චෝදනා එල්ලවී ඇත. එමනිසා, ඔහුගේ සේවය දීර්ඝ නොකරන ලෙස ඒකාබද්ධය මෙන්ම යහපාලනය වෙනුවෙන් පෙනී සිටි විවිධ සිවිල් සංවිධානද රජයට බලපෑම් කරමිනුයි සිටින්නේ.

අර්ජුන් මහේන්ද්‍රන් මහතාද ප්‍රකාශ කර ඇත්තේ, තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කොට තමා වරදක් කර නොමැති බව තහවුරු කරන තෙක් ධූර කාලය යළි දීර්ඝ නොකරන ලෙසයි. මේ වෙනුවෙන්, කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ධූරය දරන එරාන් වික්‍රමරත්න මහතා මහබැංකු අධිපති ධූරයට පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව කරුණු වාර්තා වෙනවා. තමා දැනට දේශපාලනඥයෙකු බැවින් ඒ පිළිබඳ කිසිවක් කීමට නොදන්නා බවයි මේ පිළිබඳ කළ විමසීමකදී එරාන් වික්‍රමරත්න මහතා කියා ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles