Saturday, September 21, 2024

මහ බැංකු අධිපතිගේ ගැසට්ටුව බල රහිත කරන්නැයි ඉල්ලා නීතීඥ සංගමය පෙත්සමක් ගොනු කරයි

ඇමරිකානු ඩොලර් ඇතුලු විදෙස් මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති ගැසටි නිවෙිදනයකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥය සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙි.  

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥය සාලිය පීරිස් හා සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥය අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසිනුයි පෙත්සම ගොනු කර ඇත.

පෙත්සමේ වග උත්තකරුකරුවන් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් / මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය නම් කර තිබේ.

ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ එම සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත. 

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ විදේශ රටවල සිටින සේවාදායකයන්ට සේවා ලබාදිම වෙනුවෙන් මේ දක්වා තමන් සේවා ගාස්තු අයකරනු ලැබුවේ විදෙස් මුදල් ඒකක භාවිතයෙන් බවය.

භාණ්ඩ හා සේවා අපනයනයෙන් මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී  ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් මහ බැංකු අධිපතිවරයා නිකුත් කරන ලද අංංක 2251/42 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් පෙත්සමෙන් පෙන්වා දෙයි.

එහෙත් මහබැංකුවේ නවතම නියමය මගින් අදාල මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමට සිදුවන බවත් ඉන් තමන්ගේ සේවා අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් පෙත්සම්කරුවන් සදහන් කරයි.

නීතිඥ ගාස්තු විදේශ මුදල්වලින් ගෙවනවිටදී මෙතෙක් ඒවා ශ්‍රී  ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවක් නොවූ අතර මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මඟින් බැංකු ගිණුම් හරහා ලැබෙන විදේශ මුදල් රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්යය කර ඇති බවත් තම සංගමයේ සාමාජිකයන්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ගේ ගිණුම්වලට එවන විදේශ මුදල් අනිවාර්යයෙන්ම ශ්‍රී  ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට නියෝග කිරීම නීතියට පටහැනි බවත් ශ්‍රී  ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

ශ්‍රී  ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන්ට විදේශ මුදල්වලින් මෙතෙක් ගාස්තු අය කරගෙන ඇති අතර  ඒවා පෞද්ගලික නේවාසික ගිණුම (Personal resident foreign currency account)  සහ විදේශ තැන්පතු ගිණුම (foreign deposit account) යන ගිණුම් වර්ග දෙකෙන්ද වාණිජ  බැංකු ගිණුම් හරහා ඍජුවද විදේශ මුදල් ලබාගැනීමේ හැකියාව තිබූ බව පෙත්සමේ සඳහන් වේ.

තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් ඔක්තෝබර් 28දා මහ බැංකු අධිපතිවරයා විසින් මූල්‍ය පනතේ 10 – 1 වගන්තිය යටතේ 2251/41 දරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එමඟින් මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී  ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර ඇත.

තම සංගමයේ සාමාජිකයන්ගේ කිසිදු කැමැත්තකින් තොරව මෙසේ ඔවුන්ගේ ගිණුම්වලට එවන විදේශ මුදල් අනිවාර්යයෙන්ම ශ්‍රී  ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට මෙන්ම නීතියට හා ස්වාභාවික යුක්ති මූලධර්මයන්ටද පටහැනි බව ශ්‍රී  ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

මහ බැංකු අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ විදේශ විනිමය පනතේ විධිවිධානයන්ද අභිභවා යමින් බවද පෙත්සම්කාර ශ්‍රී  ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙයි.

එහෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ‘රිට්’ ආඥාවක් නිකුත් කරන ලෙසද එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රී  ලංකා නීතිඥ සංගමය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles