මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉදිරි මාස හය සඳහා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම අච්චාරුවක් – බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

0
461

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරි මාස හය සඳහා ඉදිරිපත් කළ ආර්ථික දැක්මෙන් ඉලක්ක කළ යුතුව තිබුණේ කෙටි කාල‍ීනව මෙරට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම වුවත් එයට අදාළ නොවන සියළුම කරුණු එයට ඇතුළත් කර තිබෙන නිසා මෙම ඉදිරි දැක්ම අච්චාරුවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥ ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම මාස හයේ ආර්ථික දැක්ම දුටුගැමුණු කුමාරයා උණුබත් කෑ කතාවට සමාන යැයි හෙතෙම සඳහන් කරයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කර තිබෙන මෙම මාස හයේ ආර්ථික දැක්ම දුටුගැමුණු කුමාරයා උණුබත් කෑ කතාවට සමාන යැයි හෙතෙම සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

‘මෙතන කබ්රාල් මහත්තයා කරල තියෙන්නේ දුටුගැමුණු කුමාරයා කිරිබත් කන්න ගියා වගේ වැඩක්. ඔක්කොම දේවල් අරගෙන විසඳන්න ගියහම අර අත්‍යවශ්‍ය දේ මග හැරිලා යනවා. ඒක තමයි අපි දකින ලොකුම අභියෝගය’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here