මහ බැංකු අධිපති තත්ත්වය කෙළින් කියයි…

0
781

අභිනව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවතින ආර්ථික තත්ත්වය ගැන අවස්ථා කිහිපයකදී අදහස් දක්වා තිබුණා. මෙය උග්‍රවන්නට එක් හේතුවක් ලෙස
පසුගිය කාල සීමාවේදී ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිවල ගැටළු කාර්යයේ ස්වභාවය මුදල් මණ්ඩලය වෙත පෙන්වා දුන්නද එහි සාමාජිකයින් එම තොරතුරු දේශපාලන අධිකාරියට නිසි ලෙස වාර්තා නොකළ බව  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 

මුදල් මණ්ඩලය විසින් දේශපාලන අධිකාරිය මුලා කිරීමේ ප්‍රතිඵල අද වන විට ජනතාවට අත් විදීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම නීති හෝ රෙගුලාසි පැනවීම මඟින් වෙළඳපොල කටයුතු පාලනය කළ නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මිල පාලනය සඳහා ගැසට් නිවේදන විශාල ප්‍රමාණයක් නිකුත් කළද ඉන් ප්‍රතිඵලයක් අත්නොවීමෙන් එය පැහැදිලි වන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නෙ. මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයිද එතුමා පැහැදිලිව පෙන්වා දෙනු ලැබුවා.

රටක ආර්ථිකය එක රැයින් හැරවිය නොහැකි බවත්, නිවැරදි තීරණ හා වැඩකිරීමට නිදහස ලබාදීම හරහා රට යථා තත්ත්වයට ගැනීමට ඉක්මනින්ම හැකිවනු ඇතැයි ඒ මහතා අවසාන වශයෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here