මහ බැංකු අධිපති වෙන්න කබ්රාල්ගේ ඉල්ලා අස්වීම අද පාර්ලිමේන්තු මහලේකම්ට

0
488

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම සදහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය රාජ්‍ය අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද භාර දුන්නා .

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 16 වනදා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර 2006 සිට 2015 දක්වා කාලයේදී ද අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය.නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි පත් කිරීමෙන් පසු එම තනතුරේ බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසු ව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here