මහ රැජන තනිවෙයි…

0
452

වසර 73 කට අධික කාලයක් සිය වල්ලභයා ලෙස කටයුතු කර පිලිප් කුමරුගේ නික්මයාම ඊයේ සිදුවිය. එය ලෝකයේ දැඩි අවධානයට ලක්වූ සිදුවීමක් විය.
පිලිප් කුමරුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද ඊයේ (17) සිදු කෙරුණු අතර, කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතිවලට අනුව, අවමංගල අවස්ථාවට සහභාගී වූයේ රජ පවුලේ සාමාජිකයන් සහ පිලිප් කුමරුන්ගේ සමිපතම මිතුරන් සහ හිතවතුන් ඇතුළු 30 දෙනකු පමණි.

පිලිප් කුමරුන්ගේ අවමංගල කටයුතු පැවැත්වූයේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේත්, වින්ඩ්සර් මාලිගයේත්ය. දේහය රැගෙන යෑම සිදුවූයේ පිලිප් කුමරුන්ගේ ලෑන්ඩ්රෝවර් ජිප් රථයෙනි. එය එසේ සිදුවුයේ පිලිප් කුමරුන්ගේ අවසන් කැමැත්තට අනුවය.

රජ පවු‍ලේ කටයුතුවලින් ඉවත් වී, බිරිද මෙගාන් මාකෙල් සමග ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටින හැරී කුමරු ද තනිවම අවමංගල උත්සවයට පැමිණ සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here