Friday, January 24, 2025

මහ රෝහලේ 78කට ‍ඩෙංගු

මහනුවර මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ හැත්තැඅට දෙනෙකු ඩෙංගු රෝගයට ලක්ව ඇතැයි මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් හාරසිය හැට දෙදෙනා අතර රෝහල් කාර්ය මණ්ඩලය හැත්තෑඅට දෙනෙකු වාර්තා වීම මහ රෝහල ඩෙංගු වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බවද ඒ මහතා කියා සිටී.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13) පැවති ‍‍ඩෙංගු නිවාරණ කමිටු රැස්වීමේ දී අධ්‍යක්ෂවරිය මේ බව අවධාරණය කර සිටියේය.

මහනුවර මහ රෝහල පරීක්ෂා කිරිමේ දී විශාල කීට ස්ථාන ප්‍රමාණයක් හමු වී ඇති බවත් වකුගඩු ඒකකය ළමා වාට්ටුව වැනි ස්ථානවල වැහි පිහිලිවල ද විශාල වශයෙන් මදුරු කීටයින් හඳුනාගත් බවත් ඒ මහතා පැවසීය. තවද අවට අනවසර පදිංචිකරුවන්ගේ ගැටලුවද ‍ඩෙංගු ව්‍යාප්තියට තදින් බලපා ඇතැයි ද අධ්‍යක්ෂවරයා පවසයි.

විශාල රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා දෛනිකව මහනුවර මහ රෝහලට පැමිණෙන අතර වසංගත තත්ත්වය අවම කිරීම සඳහා සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටී.

මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍ය වයි.එම්.එන්.කේ. යාපා මහත්මිය මෙහිදී අවධාරණය කර සිටි‍යේ මාර්තු අන්තිම සිට ඩෙංගු හිස ඔසවා ඇති බවත් මේ වන විට මහනුවර ‍මහ රෝහලේ ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්ය. මහනුවර, දෙයියන්ගේ වෙල ප්‍රදේශවලින්ද ඩෙංගු රෝගීන් වාර්තා වන අතර මහනුවර මහ රෝහලේ දැනට පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පැවසුවාය.

දිගින් දිගටම ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින අතර සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් මෙම තත්ත්වය වහා පාලනය කළ යුතුව ඇතැයි ද ඒ මහත්මිය පැවසුවාය.dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles