මහ වරුසාව මැද්දේ නායයාම්…..

0
551

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුරය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ විමසිලිමත්ව සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. දිවයින පුරා ඇතැම් ප්‍රදේශවල මිමි100ට වඩා වැඩි වර්සාපතනයක් ලැබී තිබුණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, බලංගොඩ, ඉඹුල්පේ, වැලිගෙපොළ සහ ඕපනායක ප්‍රාදේශ සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ

එම ප්‍රදේශවල බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩාවැටීමට සහ පොළොව  ගිලා බැසීමට ඇති අවදානම් පිළිබඳ ජනතාව වැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here