මාතර එජාපය කැළඹේ..!

0
377

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන සංවිධායක තනතුරු කිහිපයක් හදිසියේම වෙනස් කිරීම හේතුවෙන් මාතර එජාපය කැළඹී ගොස් තිබේ.

ඉන් ප්‍රධාන වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ වැලිගම ආසනයේ සංවිධාන ධුරයෙන් හිටපු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති ඉවත් කර එම ධූරය දකුණු පලාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මහතාට ලබා දීම ය. ජස්ටින් ගලප්පත්තිගේ පුත්‍රයා වන දකුණු පලාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාට දෙවිනුවර ආසන සංවිධායක ධූරය ලබා දී ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර එම පත්වීම් ලිපිය යලි බාර දී තිබේ.

චතුර ගලප්පත්තිය දෙවිනුවර දී ඇත්තේ පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උප සභාපති ධූරයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසනයේ සංවිධායක එච්. ආර්. විමලසිරි මහතා ඉන් ඉවත් කරමිනි. එයද අර්බුදයකට හේතු වී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක ලෙස පලාත් සභා මන්ත්‍රී බී.ජී.චන්දන ප්‍රියන්ත හා හක්මන ආසනයේ සංවිධායකවරයා ලෙස රංජිත් මුණසිංහ  දෙදෙනා පත් කර ඇත.

කෙසේ වෙතත් ජස්ටින් ගලප්පත්ති හා චතුර ගලප්පත්ති යන පිය පුතුන්ට සිදුව ඇති අසාධාරනයත් සමග මාතර එජාපය තුල දැඩි අර්බුදකාරි තත්වයක් හට ගෙන තිබෙන බව වාර්ථා වේ. මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා මංගල සමරවීර මහතා ය.

සේයාරුවේ දැක්වෙන්නේ ජස්ටින් ගලප්පත්ති සහ චතුර ගලප්පත්ති දෙදෙනා ය

-ඉදුනිල් කැළුම් ජයවීර විසිනි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here