මාතර ජාතික ක්‍රීඩා සංකීර්ණය ජනපති අතින් විවෘත වෙයි.

0
363

මාතර දිස්ත්‍රික් ජාතික ක්‍රීඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

සියලු පහසුකම්වලින් සමන්විතව ජාත්‍යන්තර මට්ටමේ තරග ඉසව් පැවැත්විය හැකි අයුරින් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පිහිනුම් තටාකාංගණය, ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ ධාවන පථයකින් සමන්විත මෙම ජාතික ක්‍රීඩා සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 279කි.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මංගල සමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here