මාත්‍රා දෙකම ගත් අයට නිවෙසට යාත්‍රා කළ හැකිය…

0
451

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් සති දෙකක කාලයකට විදේශ ගතව සිට මෙරටට පැමිණෙන්න ලාංකිකයින්ට, ද්විත්ව  පුරවැසියන් දින 14 ක කාලයක් සඳහා නිවෙස් නිරෝධායනයට අවසර ලබා දෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් අද නිකුත් කර තිබෙනවා.

මෙරටට පැමිණෙන්න සියලුම ලාංකිකයින් පැය 96 කට පෙර සිදුකරනු ලද PCR පරීක්ෂණයක් හෝ පැය 48 කට පෙර සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ වාර්තාවක් මගින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු කළ යුතුය. එම වාර්තාවන් අනිවාර්යෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විය යුතුය.

මෙරටට පැමිණෙන ද්විත්ව පුරවැසි භාවය දරන්නන් විසින්ද දිවයිනට ලඟා වීමට පැය 96 කට පෙර සිදුකරන ලද PCR වාර්තාවක් මගින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු කළ යුතුය.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බවට සියලු දෙනාම ඉංග්‍රීසි භාෂවෙන් සහතික කළ සහතිකයක් ගුවන් තොටුපොල කාර්ය භාර නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here