මාධ්‍යට දැමූ තර්ජනයට පුළුල් විමර්ශනයක්-පොලිස් අධිකාරි අජිත් රෝහණ

0
408

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා විසින්  මාධ්‍යයට සිදු කළ චෝදනාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා  පවසයි.

එම ප්‍ර‍කාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට අපහසුතාවක් සිදු වූයේ නම් කනගාටුව ප්‍ර‍කාශ කර සිටින බවත් කිසිඳු විටෙක මාධ්‍යවේදීන්ට තර්ජනයක් ඇති වීමට ඉඩ නොතබන බවත් අජිත් රෝහණ මහතා ප්‍ර‍කාශ කළේය.

රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය යුද්ධයෙන් පසු අපාරධකරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍ර‍ව්‍ය වැටලීම් සිදු කළ බවත් එවැනි දක්ෂතා සිදු කළ නිලධාරීන් ඇගයීමට ලක් කර ත්‍යාග ලබාදීම සිදු වන බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.

නව පොලිස්පතිවරයා ද එම නිලධාරීන්ට ඇගයීමට ලක්කර ත්‍යාග ලබාදීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here