Saturday, September 28, 2024

මාධ්‍ය නිදහසට කළ බරපතල අනතුරක්… සීඅයිඩිය මාධ්‍යවේදීන් හඹායෑම පිළිකුල් සහගතයි – කර්තෘ සංසදය අවධාරණය කරයි

සුදුළුෑණු වංචාව රටට හෙළි කළ පුවත්පත්වල මාධ්‍යවේදීන් හා ප‍්‍රධාන කර්තෘවරුන් හඹා යෑමට සී. අයි. ඞීය කටයුතු කිරීම මෙරට මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ අනතුරු සංඥාවක් බවත් ඊට තම පිළිකුල හා අප‍්‍රසාදය පළ කරන බවත් ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇමැතිවරයකුගේ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අනවබෝධයෙන් කටයුතු කරද්දී පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයෙන් 2002 වසරේදී සාපරාධි අපරාධ නීතිය ඉවත් කරනු ලැබූ බව පාර්ලිමේන්තුවම නියෝජනය කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා නොදැන සිටීම විමතියට කරුණක් බව ද ශ‍්‍රී ලංකා කර්තෘ සංසදයේ ලේකම් සිසිර පරණතන්ත‍්‍රී නිකුත්කර ඇති එම නිවේදනයේ දැක්වේ.

ශිෂ්ට සම්පන්න සමාජයක රටේ සිද්ධ වන දේ නිවැරදිව වාර්තා කිරීම වරදක් ලෙස දකිමින් අදාළ සිද්ධිය වාර්තා කළ ‘දිවයින හා ලංකාදීප’ පුවත්පත්වල කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පසුපස හඹා යෑමට සී. අයි. ඞීයට ඇත්තේ කවර අයිතිවාසිකමක් දැයි ප‍්‍රශ්න කරන එම සංසදය එහිදී ඔවුන් සිදුකළ යුතුව තිබුණේ ඇමැතිවරයාගේ සෘජු චෝදනාවට ලක්වන පාර්ශ්වයෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කර වංචාවට අදාළ පරීක්‍ෂණ පෙළගස්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම මිස අදාළ වංචාව හෙළි කළ මාධ්‍ය පසුපස උන්මත්තකයන් සේ හඹා යෑම නොවන බව ද එහි දැක්වේ. ‘දිවයින’ හා ‘ලංකාදීප’ පුවත්පත් කර්තෘවරුන් හා ඒවායේ මාධ්‍යවේදීන් සී. අයි. ඞීයට කැඳවීමට තීරණය කළේ ඔවුන් වංචාවට කවර නම් සම්බන්ධයක් ඇති නිසා දැයි ප‍්‍රශ්න කරන බව ද සඳහන් වේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles