Thursday, January 23, 2025

මානව හිමිකම් ආරක්ෂාව පිළිබදව යුරෝපා සංගමයෙන් චීනයට සිහිපත් කිරීමක්

දෙපාර්ශවය අතර සබදතා පවත්වා ගැනීමේදී අත්‍යවශයම සාධකය මානව හිමිකම් ආරක්ෂා කිරීම බව යුරෝපා සංගමය චීනයට අවධාරණය කර තිබේ.

ඒ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෆ් බොරෙල් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර ද්විපාර්ශ්වික සබදතා පිළිබද පැවති සාකච්ඡාවකදීය.

තායිවානය, හොංකොං සහ ෂීන්ජියෑනන් යන කරැණු තුන මුල් කරගෙන යුරෝපා සංගමය සහ චීනය අතර පවතින පරස්පරතා සහ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරැණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර රටවල් විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් යොදාගෙන ඉන්දු පැසිපික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට යාම සම්බන්ධයෙන් චීනය මෙහිදී විරෝධය පළකර ඇති බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles