Sunday, September 22, 2024

මානව හිමිකම් කොමසාරිස්වරියව මම ගණන් ගන්නේ නෑ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය එක් එක් අයගේ කොන්ත්‍රාත් ඉටුකරන කාන්තාවක් බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කළේ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින් පවා ශ්‍රී ලංකාව මානව හිමිකම් කඩ නොකල බවට පවසා තිබියදීත් ඇය මෙරටට එරෙහිව කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඇය එලෙස කටයුතු කරන්නේ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් බව සරත් වීරසේකර මහතා සදහන් කරනවා.

නිදාගෙන සිටින කෙනෙක්ව අවදි කිරීමට හැකි නමුත් බොරුවට නිදාගෙන සිටින කෙනෙක් අවදි කිරීමට නොහැකි බැවින් බොරුවට නිදාගෙන සිටින මානව හිමිකම් කොමසාරිස්වරිය අවදි කළ නොහැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ හේතුවෙන් මිෂෙල් බැචලේ මහත්මියව රජය එතරම් ගණන් නොගන්නා බව සරත් වීරසේකර මහතා වැඩිදුරටත් පවසනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles