Monday, January 13, 2025

මානව හිමිකම් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා පොලීසියට තවදුරටත් පුහුණුවීම් සිදු නොකරන බව ස්කොට්ලන්ත පොලිසිය පවසයි

මානව හිමිකම් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන ස්කොට්ලන්ත පොලිස් පුහුණුව අත්හිටුවීමට තීරණය කර ඇති බව ස්කොට්ලන්ත පොලීසිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙනවා. මෙරට පොලිසිය සදහා ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබා දීම සදහා වූ කොන්තරාත්තුව 2022 වසරේ අවසන් වන අතර, ඉන් පසුව එම කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකිරීමට ස්කොට්ලන්ත පොලිස් සේවය තීරණය කර තිබෙනවා.

ස්කොට්ලන්ත පොලීසියේ ප්‍රධාන පොලිස් කොස්තාපල් ඉයන් ලිවින්ග්ස්ටෝන් මහතා අද දින පැවති අධිකාරී සංවාදයකදී (Authority Meeting) තහවුරු කර සිටියේ රාජ්‍ය අනුග්‍රහය ලැදි මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව වෙත එල්ල කරන චෝදනා මත පදනම් ව සිදුකරන ලද විමර්ශනයන් ගේ සොයාගැනීම් අවිනිශ්චිත බවත්, මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් හට පුහුණු වැඩමුළු පැවැත්වීම අත්හිටුවීමට තීරණය කර ඇති බවත් ය.

ඒ ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහය ලද මානව හිමිකම් උල්ලංඝණය වීම සිදුවන බවට ලැබි චෝදනා පදනම් කරගෙනය.

දැනට ස්කොට්ලන්ත පොලීසිය විසින් ශ්‍රී ලංකා පොලීසියට ලබා දෙන පුහුණු වැඩසටහන් ලබන වසරේ මාර්තු මස අවසාන වන බවත්, අදාළ වැඩසටහන් වලට අදාළව නවක පුහුණු වැඩමුළු පැවැත්වීමට බලාපොරොත්තු නොවන බවත්, මේ පිළිබඳව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දුන් බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒ අතරවාරයේ ශ්‍රී ලංකාවට සංචාරයේ නොපැමිණෙන බවද ස්කොට්ලන්ත පොලිසිය පවසයි.

කෙසේ වෙතත්, මෙරට මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්කොට්ලන්ත පොලිස් පුහුණුව මෙරටට ලබා දීම 2020 වසරේ සිට අත්හිටුවා තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles