Monday, September 23, 2024

තම අයිතිවාසිකම් කඩවී ඇතැයි ගැමුණුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි..

පැවති රජයේ ආරක්ෂක‍ ලේකම් සිටියදී පොලීසියේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මේවන විට පොලීසිය නිසිලෙස රාජකාරී කටයුතු සිදුනොකරන බව ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අද(27)මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොලිස්පති,රථවාහන පොලිස්පති හා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිසමට තමන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ මාර්ග අවහිර කරමින් බස්නාහිර පළාත තුළ නිරන්තරයෙන් විරෝධතා පාගමන්,උද්ඝෝෂණ පැවත්වීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

මේ සම්බන්ධයෙන් මීට පෙරාතුව වගකිවයුත්තන් කොපමණ දැනුවත් කළද නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත්, ඉදිරියේදී පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය.

මාර්ග අවහිර කරමින් නිරන්තරයෙන් පැවැත්වෙන විරෝධතා හේතුවෙන් පුද්ගලික බස්රථ දිනකට ගමන් වාර 4ක් යාමට නියමිත නම් යාමට හැකිවන්නේ ගමන් වාර 2ක් පමණක් බවත්,එමගින් සිදුවන පාඩුව විශාල බවත් පෙන්වාදුන් ගැමුණු විජේරත්න මහතා එමගින් තම අයිතිවාසිකම් කඩවී ඇති බවට චෝදනා කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles