මාර්තු මාසයේ සිට මසකට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන තුනක් නිකුත් කිරීමට සැලසුම්

0
274

2022 මාර්තු මාසයේ සිට මසකට සිමෙන්ති මෙට්‍රික් ටොන් මිලියන 3ක් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව පවතින සිමෙන්ති හිඟය ඉදිරි සති දෙක තුළ පහව යනු ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ඇමතිවරයා පවසා සිටියේ නිෂ්පාදන කටයුතු පහත වැටීම හේතුවෙන් සිමෙන්ති හිඟය ඇති වූ බවයි.

කෙසේ වෙතත් මාර්තු මාසයේ නව සිමෙන්ති කර්මාන්ත ශාලාවක් විවෘත කිරිමට නියමිත අතර, එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙන් පසු සිමෙන්ති හිඟයට විසදුම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පැවසූ අතර සිමෙන්ති මිලෙහි වෙනසක් කිරීමට මෙතෙක් කිසිදු සමාගමක් තමන් වෙත දැනුම්දි නොමැති බව ද, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වෙළඳපොලේ ව්‍යාජ හිඟයක් ඇතිකරමින් අතිශය ඉහල මිලට සිමෙන්ති අලෙවි කළ බෙදාහරින්නන් සහ නියෝජිතයින් 100 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here