මාර්තු 5 වැනිදාට රට සම්පූර්ණයෙන්ම බංකොලොත්

0
359

2022 මාර්තු පස් වැනිදා වන විට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

රට තුල අද වන විට පවතින විදේශ සංචිත ඩොලර් හිගය ඇතුළු ආර්ථික තත්වය හමුවේ රට මෙම තත්වයට පත්වන බවද තමන් මෙතෙක් පවසන සියළු දේ අද වන විට සත්‍ය වී ඇති බවත් හෙතෙම පැවසීය.

රට සංවර්ධනය කිරීමට නම් මේ මොහොතේ පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් මේ පුද්ගලීකරණය කල යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here