මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කරයි

0
461

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිය යුටියුබ් නාලිකාව හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටියේ එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට සුදානමින් සිටිය බවත් ඊට අවස්ථාවක් හිමි නොවූ බවයි.

මේ සම්බන්ධයෙන් මාලිංග සිදුකර තිබු ප්‍රකාශය පහතින්..

” වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ.. මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here