Thursday, December 26, 2024

මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවා

කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශය පවසයි.

කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ධාවනය වු දුම්රියක ගමන් ගත් කාන්තාවකගේ රන් ආභරණ තිබූ අත්බෑගය පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දී කොල්ලකෑ බවට  එම කාන්තාවක පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අපරාධ අංශයේ නිලධාරීන් කළ විමර්ශයකින් පසු සොරකම් කරන ලද අත්බෑගය හා රුපියල් ලක්ෂ 207000 පමණ වටිනා රන් ආභරණ හා ජංගම දුරකථන දෙකක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දි අනාවරණය කරගෙන ඇත්තේ ඔහු කලක පටන් පිටකොටුව බස් නැවතුම්පොළේ හා විවිධ ප්‍රදේශ වල කාන්තාවන්ගේ අත්බෑග හා රන් ආභරණ සොරාගෙන ඒවා උකස්කර මත්කුඩු පානය කරන බවත් තමන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු වශයෙන් කටයුතු කර ඇති බවයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles