Saturday, January 11, 2025

මාසයක් තුළ සහල් මිලේ විශාල වෙනසක්

සහල් සඳහා පාලන මිල ඉවත් කිරීමත් සමග මාසයක් ගතවීමටත් පෙර ප්‍රථම මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් පනහකින් ඉහළ දමා ඇත. ඊට සාපේක්ෂව නාඩු සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.

ඒ අනුව වී මිලද රුපියල් 10 සිට 30 දක්වා මිලකින් ඉහළ දමා තිබේ

පසුගිය සැප්තැම්බර් 26 වැනි දින සහල් සඳහා පනවා තිබූ පාලන මිල වූ නාඩු කිලෝ ග්‍රෑමයක් රුපියල් 98ක්ද, සම්බා රුපියල් 103ක්ද, කීරිසම්බා රුපියල් 125ක මිලකට අලෙවි කිරීමට පනවා තිබූ නීතිය ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කෙරිණි.

ඒ සමගම සැප්තැම්බර් 28 දින ප්‍රකට මෝල් හිමිකරුවකු වන ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ මින් ඉදිරියට නාඩු සහල් තොග රුපියල් 110කටත්, සම්බා 130කටත් කීරි සම්බා 160කටත් අලෙවිකරන බවයි.

එහෙත් මාසයක් ගතවීමටත් ප්‍රථම මේ වන විට නාඩු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 125කටත්, සම්බා රුපියල් 150කටත්, කීරි සම්බා රුපියල් 210කටත් තොග අලෙවි කරනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles