Monday, December 23, 2024

මාස්ක් එක කෝ කියලා ඇසූ විට උස්සලා පොළොවේ ගහලා

මීගොඩ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහර දී උස්සා පොළොවේ ගසා පලා ගොස් තිබේ

මෙසේ පහර පහරදීමට හේතුවී ඇත්තේ අදාල පුදළ පුද්ගලයන් මුව ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ කෝපයට පත් වීමෙනි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගොඩ පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් දියත් කර ඇති අතර ඊයේ උදෑසන 6ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ. සීසීටීවී දර්ශන ඔස්සේ මෙලෙස පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පහර කෑමට ලක් වූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ උදෑසන හයට පමණ මීගොඩ නගරයේ ඉන්ධන පිරහුම් හලක් වෙත යතුරු රජයකින් මෙම පුද්ගලයන් දෙදෙනා පැමිණ ඇති අතර ඉන් එක් පුද්ගලයකු මුව ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ මෙලෙස පහර දීමට කටයුතු කර තිබේ.

මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධ කිසියම් තොරතුරක් වෙතොත් 0718592179 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස මීගොඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් පි‍්‍රයන්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles