Friday, September 20, 2024

මාස්ක් නැතිනම් සෞදියේ රියාල් 1000 ක දඩ

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබා දුන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින සෞදි වැසියන්ට දැඩි දඩ මුදලක් ගවීමට සිදුවනු ඇතැයි සෞදි ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මාස්ක් පැලදීමට අපොහොසත් වන පුද්ගලයන්ට සෞදි රියාල් 1,000 ක දඩයක් නියම කරන බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

දිගින් දිගටම සෞඛ්‍ය නීති සහ මාර්ගෝපදේශ උල්ලංඝණය කළහොත් දඩ මුදල දෙගුණයක් වන අතර එය උපරිම රියාල් 100,000 දක්වා ඉහළ යනු ඇති බව ද අමත්‍යාංශය පැහැදිලි කර තිබේ.

සෞදි අරාබියෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 558,106 ක් වන අතර 8,879 ක් කොවිඩ් හේතුවෙන් මියගොස් තිබෙනව බව වාර්තා වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles