මාස්ටර් සර් ම⁣ට හිමි තැන දෙන්න කී නීලා වික්‍රමසිංහට මිලානෝ කොන්සාල් ජෙනරාල් ධූරයට

0
313

ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය ඉතාලියේ මිලානෝ නුවර කොන්සාල් ජෙනරාල් ධූරයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මෙතෙක් කල් එම තනතුර පුරප්පාඩුව පැවතිණි.

මේ දක්වා වසරකට වැඩි කාලයක් ඉතාලි තානාපති ධූරයද පුරප්පාඩුව පවතී.

පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් සිදු කළ ඇයට කෘතවේදීත්වය පළකිරීමක් ලෙස මෙම තනතුර ලැබෙන බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

අනේ සර් අනුකම්පා නොසිතේ දෝ, රන්ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගීත ගායනා කළ නීලා වික්‍රමසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරියකි.

ඇය මේවනවිට 70 වන වියෙහි පසුවන්නීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here