Friday, September 20, 2024

මාසිකව වැඩිපුර ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 120,000 ට අමතරව මෙම ඔක්සිජන් ලීටර 360,000 ආනයනය කිරීමට නියමිතයි.

කොවිඩ් රෝගීන් විශාල වශයෙන් වැඩි වීමත් සමග ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව මෙි වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

දේශීයව නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් හැත්තෑ අටක් පමණ වන අතර, දැනට අවශ්‍යතාව ටොන් 95ක් පමණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles