මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගන්න සැලසුමක්

0
314

මෙරටට ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය සැලසුම් කර තීරණය කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත මෙම ණය මුදල ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරුන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය.

අදාල ණය මුදල ලබා ගැනීමේ කටයුතු කඩිනම් කර ගැනීම සදහා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සමග කටයුතු කරමින් සිටින බව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමින් විජේසිංහ මහතා පවසයි.

ණය මුදල ලබා ගැනීමට අදාල ගිවිසුම සදහා දෙරටෙහි බලශක්ති අමාත්‍යංශ ලේකම්වරු අත්සන් තැබීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here