ජුලි වෙනකම් බස් ගාස්තු වැඩිවීමක් එපාලු

0
904

ලබන වසරේ ජූලි පළමු වැනිදා දක්වා මාස හයක කාලය සඳහා බස් ගාස්තු වැඩිවීම ලබා නොගැනීමට තීරණය කර ඇතැයි පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමයේ  සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව මෙම මාසයේ සිට සියයට 6 ක් බස් ගාස්තු වැඩි කිරීමට නියමිත බවද ඒ මහතා කීය.

විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ රට ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙලට සහය දැක්වීමත් පෞද්ගලික බස් කර්මාන්ත දියුණු කිරීමට රජය කටයුතු කිරීම හා බදු සහන ලබාදීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සභාපති සම්පත් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here