මාස 7ක්‌ තිස්‌සේ නියඟය පරාක්‍රම සමුද්‍රයත් සිඳිලා….

0
500

මාස හතකටත් අධික කාලයක සිට පවතින දැඩි නියඟය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්‌ටම පහළට බැස ඇත. ඇතැම් ස්‌ථානවල ගල් මතුවී ඇති අතර වාන් දොරටුව අසලද වියළී ගොස්‌ ඇති බව දක්‌නට ඇත.

මේ හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ සංඝ බෝධිගම, සුංගාවිල යන ප්‍රදේශවලටද ජල හිඟය බලපා ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. මේ වන විට ජලය අක්‌කර අඩි 54,000 ක්‌ පමණ තිබෙන අතර අරපිරිමැස්‌මෙන් ජලය ලබාගැනීමට ගොවීන්ගේ කැපවීමද නිසියාකාර තිබීම ඉතාම වැදගත් බවද පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ප්‍රධාන වාරි ඉංජිනේරු රොෂාන් ජයසිංහ මහතා පැවැසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here