මාස 7 ට රාජ්‍ය නිලධාරීහු 46 ක්‌ අල්ලස්‌ දැලේ

0
330

අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම වසරේ (2021) මුල් මාස හතේදී සිදුකළ වැටලීම්වලින් රාජ්‍ය නිලධාරීන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා මහත්මිය පැවසුවාය.

අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරීන් අතරේ පොලිස් නිලධාරීන්, අඩවි වන නිලධාරීන්, ග‍්‍රාම නිලධාරීන්, විදුහල්පතිවරුන් සිටින බවද ඇය සඳහන් කළාය.

යම් කාර්යයන් කඩිනමින් කරදීමට අදාළ අල්ලස් ඉල්ලා ලබාගනිද්දී මෙම බොහෝ දෙනකු කොටුකරගෙන ඇතැයි ද ඇය කියා සිටියාය.

පසුගිය වසරේ (2020) යම් කාර්යයන් කඩිනමින් ඉටුකරදීමට අල්ලස් ලබාගත් පුද්ගලයන් 105 දෙනකු අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඇය කීවාය.

යම් කාර්යයන් ඉටුකර දීමට රාජ්‍ය නිලධාරීන් අල්ලස් මුදල් ඉල්ලා සිටින්නේ නම් ඒ ගැන අල්ලස් කොමිසමේ 1954ට දැනුම් දෙන ලෙස ද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

එසේම කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි අල්ලස් කොමිසම වෙත පැමිණ පැමිණිලි කළ හැකි බවත්, පැමිණිලි කරන අයගේ රහස්‍යභාවය සුරක්‍ෂිත බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

දිවයින ඉරිදා සංග්‍රහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here