Saturday, September 21, 2024

මාස 8කින් ලක්ෂ 270ක් හොරා කාලා

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ පවත්වාගෙන ගිය හොරණ ගල්පාත කාපට් වැඩබිමට මුවා වී හිටපු ඉදිකිරීම් ඉංජිනේරුසේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංස  හා ඔහුගේ ගජ මිතුරු කල්ලිය රුපියල් ලක්ෂ 270ක මුදලක් අවභාවිතා කර ඇතැයි වාර්තා වේ.

හොරණ ගල්පාත කාපට් වැඩබිමට යයි පවසමින් මෙම මුදල් ජයලත් කන්ස්ට්‍රක්ෂන්ස් හා රුවන් ට්‍රේඩ් සෙන්ටර් නමින් චෙක්පත් ලබා දී ඇති බවට හෙළිවී තිබෙන බවද වාර්තා වේ.

2012 දෙසැම්බර් මාසයේදී ආරම්භ වී ඇති මෙම වැඩබිම ක්‍රියාත්මක වී ඇත්තේ 2013 අගෝස්තු මාසයේ සිට 2014 මාර්තු දක්වා මාස 08ක කාලයක් පමණි.

මෙම වැඩබිම සතුව කාපට් නිෂ්පාදන යන්ත්‍රයක්, ගල්ඇඹරුම් යන්ත්‍රයක්, ඩීසල් බවුසර 2ක් හා තාර බවුසර් 3ක්ද, වීල් ලෝඩර් 1ක් පාලම් තරාදියක් හා ජෙනර්ටර් 2ක්ද ඇතුළු සම්පත් තිබී ඇත.

මේ අනුව විමල් වීරවංස ඇතුළු පිරිස මාස 8ක කාලයක් ක්‍රියාත්මකව පැවැති මෙම වැඩබිම මගින් රුපියල් ලක්ෂ 270ක මුදලක් සොරකම් කිරීමට කටයුතු කර තිබේ.

විමල් වීරවංසගේ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලරථ හිමි නොවන අයට කුලී පදනම මත වාහන ලබා දී රුපියල් ලක්ෂ 695ක අලාභයද, ටෙන්ඩර් පටිපාටිය යෙන් බැහැරව යකඩ මිල දී‍ ගෙන රුපියල් ලක්ෂ 310ක්ද, මැතිවරණ නීතිවලින් බැහැරව මානව සම්පත හා ආයතනයේ දේපළ භාවිතය සඳහා ලක්ෂ 169ක්ද, මැතිවරණ සමයේදී අලුතින් තනතුරු ඇති කිරීම සඳහා නිලධාරීන් දේශපාලනය සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 700ක්ද, දින දර්ශන මුද්‍රණයට කියා තවත් ලක්ෂ 25ක්ද වශයෙන් විශාල මූල්‍ය ගසා කෑමක් සිදු කර ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles