මාළු පෙට්ටි අස්සෙන් අරක්කු මතුවෙයි

0
540

තංගල්ලේ සිට බිබිල දක්වා ගමන් ගත් කුඩා මාළු ලොරියක මාළු පෙට්ටි අස්සේ සඟවාගෙන රැගෙන යමින් තිබූ අරක්කු බෝතල් 28 ක් සමග පුද්ගලයකු අද (04) අම්බලන්තොට වලවේ ගඟ පාළම අසලදී අත්අඩංගුවට ගත් බව මාතර තංගල්ල දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි.

හෙට (05) පෝය දිනය හේතුවෙන් අරක්කු තැබෑරුම් වසා දමන හෙයින් වැඩි මිලට විකිණීම සඳහා මෙම අරක්කු රැගෙන යන්නට ඇතැයි අනාවරණය වූ බව පොලීසිය කියයි.

සැකකරු සමඟ අත් අඩංගුවට ගත් අරක්කු බෝතල් අම්බලන්තොට පොලිසියට බාර දී ඇත.

තංගල්ලෙන් මාළු පටවා අම්බලන්තොට තැබෑරුමකින් අරක්කු ගෙන මාළු පෙට්ටි අතරේ සඟවාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here