Sunday, September 8, 2024

මැජෙ­ස්ටික් සිටි­යට ෆයි­බර් තාක්ෂණ සේවා SLT-MOBITEL වෙතින්

ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT Land Development සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT-MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය. ‘MC’ යන කෙටි නාමයෙන් බොහෝ දෙනා හඳුන්වන මෙම මැජෙස්ටික් සිටි සංකීර්ණය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ ඇති සුවිශේෂී ගොඩනැගිල්ලකි.

කොළඹ කොටුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා සහ CT Land Development සමාගමේ අධ්‍යක්ෂිකා මියෝනි පෙරේරා මෙනවියගේ සහභාගීත්වයෙනි. ආයතන දෙක නියෝජනය කරන වෙනත් නිලධාරීහු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ලෝකය ඩිජිටල්කරණය සමඟ වේගයෙන් වෙනස් වන මොහොතක, මැජෙස්ටික් සිටි වැනි සුපිරි සාප්පු සංකීර්ණයක් ද එම වෙනසට අනුගත වෙමින් නවීන තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් වැලඳගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදනයේ ප්‍රමුඛයා වන SLT-MOBITEL වෙතින් දුරකථන සන්නිවේදන සේවා, ෆයිබර් තාක්ෂණයෙන් බලගැන්වුණු අධිවේගී බ්රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතා මෙන්ම නවීන ටෙලිවිෂන් අත්දැකීමක් සමීප කරන PEO TV වැනි සේවාවන් රැසක් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයට හිමි වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles