Sunday, September 22, 2024

මැඩගස්කරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක්

මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 2001 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, දැනට සීෂෙල්ස්හි වික්ටෝරියාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැඩගස්කරය සඳහා සමගාමීව අක්තගන්වා තිබේ.ශ්‍රී ලංකාව සඳහා ආර්ථිකමය වශයෙන් එරට පවතින අවස්ථාවන් සහ මැඩගස්කරයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා සඳහා එරට කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.ඒ අනුව, මැඩගස්කරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීම පිණිස විදේශ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles