Tuesday, September 24, 2024

‘මැණිකේ මගේ හිතේ’ මිලියන 100 පසුකරයි

නව පරපුරේ ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ නව ගැයුම යූ ටියුබ් වෙබ් අඩවියේ මිලියන 100ක නැරඹුම් වාර හිමි කරගෙන තිබෙනවා.

කෙටි කලක් තුළ යූ ටියුබ් හි මිලියන 100 ක නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබා ගත් පලමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන්නේ යොහානි ද සිල්වා යි. ස්පොටිෆයි වර්ගීකරණය අනුව ලොව ප්‍රධානතම වයිරල් වීඩියෝ 50 අතරට මැණිකේ මගේ හිතේ ගීතය ඇතුලත්ව තිබෙනවා.ඉන්දියා ඇපල් මියුසික් ශ්‍රේණිගත කිරීම් අනුවද පළමු ගීත 100 අතරින් 8 වන ස්ථානය ලබා ගෙන ඇත්තේ මෙම ගීතයයි.

ශ්‍රී ලංකා ඇපල් මියුසික් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සමත්වුණා.

යූ ටියුබ් හි මිලියන දෙකකට වැඩි ග්‍රාහකයින් පිරිසක් ලබා ගැනීමට හැකි වූ පළමු ශ්‍රී ලාංකික කලාකාරිනිය බවට ද යොහානි ද සිල්වා පත්වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles