මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

0
291

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන් සභානායක, අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (15) ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වුණා.

එම විශේෂ කාරක සභාවේ සභාපතිවරයා වන්නේද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතායි.

2021 මැයි 17 මෙම කාරක සභාවේ පළමු රැස්වීම පැවති අතර කමිටුව, මාස 06 කින් සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුව තිබුණා.

අද සම්මත වූ යෝජනාව අනුව මාස දෙකකින් මෙම විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ වන බව, කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් , කාර්ය මණ්ඩල ප්‍රධානි, කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here