මැතිවරණ ක්‍රමය සංශෝධනය කර පළාත් ඡන්දය පවත්වනවා – ඩලස්

0
345

සමානුපාතික මැතිවරණ ක්‍රමයේ තිබෙන සාධනීය ලක්ෂණ රැක ගෙන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

එහෙත් එය කෙදින පවත්වන්නේ දැයි තමන්ට නිශ්චිතව දින වකවානු කීමට නොහැකි බව ඇමැතිවරයා කීවේය.

මේ වසර අවසන් වීමට මාස දෙකකුත් දින ගණනක් පවතින හෙයින් ඒ කාලය තුළ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් ඇති කිරීමට නොහැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අලහප්පෙරුම මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here