Saturday, September 21, 2024

මැති ඇමතිලා පත්කළේ ප්‍රශ්න විසඳන්න තමයි, ආයෙ අපි ලඟට පැමිණිලි අරගෙන එන්න එපා – ඉඳුරාගාරේ හිමි වාසුට කියයි

ඊයේ මහජන මන්ත්‍රණ සභාව රැස්වීමෙිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රැස්වීම අමතමින් සඳහන් කළේ ආණ්ඩුවේ ඇතැම් නායකයන් රටට එරෙහි තීරණ ගනිමින් සිටින බවයි. තීරණ ගැනීමේ බලය හිමි පුද්ගලයන්, ජයග්‍රහණයේ අරමුණු යටපත් කරමින් ඇතැම් තීන්දු ගන්නා බවත්, එම උත්සාහයන් පරාජය කිරීම ආණ්ඩුව තුළ සිටින තමන් ඇතුළු පක්ෂ උත්සාහ දරමින් සිටින බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

රටට එරෙහිව ගන්නා ඕනෑම තීරණයක් ආපසු හැරවීම සඳහා ආණ්ඩුව තුළ සිටිමින්ම උත්සාහ දරන නමුත් ඇතැම් අවස්ථාවලදී එම උත්සාහය ප්‍රමාණවත් නොවන බවද නානායක්කාර මහතා පවසනවා. එවැනි අවස්ථාවකදී මහජනතාව වෙත පැමිණිලි කිරීමට සිදුවන බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

වාසුදේව නානායක්කාර මහතාගේ මෙම ප්‍රකාශයට, මහජන මන්ත්‍රණ සභාවට සහභාගි වී සිටි මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විරෝධය පළ කළේය. ධම්මරතන හිමි සඳහන් කළේ ජනතාව සිය නියෝජිතයන් ලෙස මන්ත්‍රීරුවන් පත් කරන්නේ රටේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට බවයි. එසේ තිබියදී රටේ ප්‍රශ්න සහ ආණ්ඩුවේ ප්‍රශ්න මහජන නියෝජිතයන් විසින් නැවත ජනතාව වෙත රැගෙන එන්නේ නම් ඔවුන් මහජන නියෝජිතයන් ලෙස සිටීමේ ‍කිසිදු ඵලක් නැති බවද ධම්මරතන හිමි පෙන්වා දෙනවා.

රටේ සම්පත් විකිණීමට උත්සාහ දරන්නේ නම් ඒ සඳහා කොන්දේසි විරහිතව විරෝධය දැක්විය යුතු බවත් ඒ සඳහා ජනතාවගෙන් අමුතුවෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය නොවන බවත් ඉඳුරාගාරේ ධම්මරතන හිමි සඳහන් කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles