Saturday, September 21, 2024

මැති ඇමැතිවරුන්ට අවශ්‍ය ආකාරයට පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් පත්කිරීම නිසා අපරාධ බහුල වෙලා

මැති ඇමැතිවරුන්ට අවශ්‍ය ආකාරයට පොලිස් ස්ථානවලට ස්ථානාධිපතිවරුන් පත්කිරීම නිසා අපරාධ බහුල වී පොලිසියේ දැඩි අවුල් සහගත බවක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
දැනට දිවයිනේ පොලිස් ස්ථාන 485ක් ක්‍රියාත්මක බවත්, ඉන්  95%කටම මේ වනවිට පත්කර ඇති ස්ථානාධිපතිවරුන් මැති ඇමැති නිර්දේශයෙන් පත්කර ඇතැයි නම් සඳහන් කිරීමට අකැමැති වූ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසූ බව වාර්තා කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
“පොලිස් ස්ථානාධිපති ධුරයකට කිසිසේත්ම නුසුදුසු මූලික නීති වාර්තා කියවා ගැනීමටවත් නොදන්නා පුද්ගලයන් ඇතැම් පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ලෙස පත්කරන්නැයි මැති ඇමැතිවරුන් නිර්දේශ කළ අවස්ථාවල පොලිස් මූලස්ථානය ඒවාට විරෝධය පළකර ඇති නමුත් දේශපාලන හේතු මත එම විරෝධය නිෂ්ඵල තත්ත්වයට පත්ව තිබේ.
පසුගියදා වතුකරයේ ප්‍රධාන පොලිස් ස්ථාන 4කට එම ප්‍රදේශයේ බලවත් එක්තරා දේශපාලන පක්ෂයක නිර්දේශ අනුව ස්ථානාධිපතිවරුන් පත් නොකළා යැයි චෝදනා නගමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයෙන් ඉවත්වන බවට පොලිසිය භාර අමාත්‍යවරයාට දැඩි ස්වරයෙන් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
මෙබඳු දේශපාලන පත්වීම් නිසා පොලිසියේ විනය දැඩි ලෙස පිරිහී ඇතැයි සඳහන් වේ. 
පසුගිය කාලයේ පොලිස් නිලධාරීන් රුසක්ම විවිධ චෝදනාවලට ලක්වූ අතර ඇතැම් අවස්ථාවල ඔවුනට ජනතා විරෝධයද එල්ල විය.”

දේශය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles