Friday, October 18, 2024

මැදමුලන හෙලිකොප්ටර් අංගනයක වී වේලමින් සිටි තිදෙනා අකුණු වැදී මරුට

වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි හෙලිකොප්ටර් යානා ගොඩබස්‌වන අංගනයක (හෙලිපෑඩ්) වී වේලමින් සිටි පුද්ගලයන් තිදෙනකු අකුණුසර වැදීමෙන් ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

ඊයේ (29 වැනිදා) පස්‌වරු 1.00 ට පමණ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස්‌ ඇත්තේ වීරකැටිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්. ඒ. සිරිපාල (65) හින්නි මහත්තයා (65) සහ සම්පත් (28) යන තිදෙනා බව පොලිසිය කියයි.

මොවුන් වී වේලමින් සිsටියදී එක්‌වරම අකුණුසර වැදී ඇති අතර සිද්ධිය වූ ස්‌ථානයේදී මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයිs.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles