Sunday, September 22, 2024

මැදියම් රෑ ගිවිසුම් ගැසූ කෙරවලපිටිය පාවාදීම ගැන හදුන්නෙත්ති පැහැදිලි කරයි

කෙරවලපිටිය විදුලි බලාගාරය අමෙරිකානු සමාගමකට පවරාදීම පිටුපස සැගවුණු රහස් රැසක් ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් පවා නොදැන / සිතැගි සමාගම් යොදාගෙන / ටෙන්ටර් ක්‍රියාවලියෙන් පරිභාහිරව සිදුකිරීම තුලින් එය මනාවට පෙන්නුම් කරන බවයි.

මැදියම් රෑ ගිවිසුම් ගැසූ කෙරවළපිටිය පාවාදීම යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ සවස පැවැත්වූ ඔන්ලයින් සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හදුන්නෙත්ති මහතා කියා සිටියේ මෙම ගිවිසුම් පසුපස ඇති රහස් ගණුදෙනු රජය වහාම ජනතාවට හෙළි කල යුතු බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles