Monday, September 23, 2024

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින් ඇරඹූ මාරාන්තික උපවාසය තවදුරටත්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්ට අයත් වෙළඳසැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බලකරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය අද (11) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (10) පෙරවරුවේ කොළඹ කොටුවේදී එම උපවාසයක් ආරම්භ කළේය.   
  
ඊයේ පස්වරුව වනතුරුත් ඔවුන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මාරන්තික උපවාසයක් ආරම්භ කිරීමට වෙළෙඳුන් කටයුතු කළේය.

එම ගැටලුව සම්බන්ධයෙන් අද පෙරවරු 10.00 වනවිට විෂයභාර අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දීමට අපොහොසත් වන්නේ නම් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන තම උපවාසයට සහය පළ කිරීමට අපෙක්ෂාවෙන් සිටින බව මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරික ප්‍රජාවේ භාණ්ඩාගාරික, නිමල් අත්තනායක මහතා සඳහන් කර සිටියේ, “අපි පාරට බැස්ස මිනිස්සු නෙමෙයි. මේ ප්‍රශ්නේ තවත් දිග්ගැසෙනවා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අපේ පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ පුළුවන් තරම් ඉක්මනට විවෘත කරලා දෙන්න. අපි අක්කර තුනහමාරක ඉතාම සතුටින් වෙළෙඳාම කරගෙන ගියා. ඒත් අක්කර දහතුනාමාරක පෙට්ටි කඩයක් හදලා පොඩි පෙට්ටි කඩයක් ද අපිට ලබා දෙන්නේ? “ යනුවෙනි. 

මේ අතර මෙලෙස කණ්ඩායම් වශයෙන් රැස්වී විරෝධතා පැවැත්වීම කොවිඩ් වෛරසය ව්‍යාප්තියට අවස්ථාවක් වනු ඇති බැවින් එවැනි කටයුතුවලින් බැහැරවීමට අවධානය යොමු කිරීම වැදගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles