මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ඇරඹෙයි

0
319

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා සහභාගී වන ඉන්දියානු යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 102 දෙනෙකු ඊයේ (02) දින දහවල් ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

යුද හමුදාව නිවේදනය කලේ ඉන්දියානු යුද හමුදාවේ කර්නල් ප්‍රකාශ් කුමාර්ගේ නායකත්වයෙන් පැමිණි එම භට පිරිස් මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී එන් ගොඩැල්වත්ත සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක විසින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි පිළිගත් බවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්ෂණය යටතේ මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සමග සිදුකරන මෙම අභ්‍යාසය අම්පාර සටන් පුහුණු පාසලේ දී කොවිඩි 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුලක් ලෙස සති දෙකක් පුරාවට ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here