Friday, September 20, 2024

මින් ඉදිරියට SLSI ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයට දැනුම් දෙයි

SLSI ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයට දැනුම් දෙයි

ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රො ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

එසේම ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ද එකඟ වී තිබෙනවා.

ඉදිරියේදී ගෘහස්ථ ගෑස් ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිතීන්ට අනුකූලව බෙදාහරින බවට ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයට දන්වයි.

එසේම සිලින්ඩරයේ අනුකූලතා ප්‍රමිතීන් පිළිබඳ ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමටත් එකඟවිය.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කරනු ලැබූ රිට් පෙත්සම තෙවැනි දිනටත් ඊයේ කැදවූ අවස්ථාවේදී ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය නියෝග කරේ පාරිභෝගිකයන්ට නිකුත් කරන ගෑස් සිලින්දරවල අඩංගු ගෑස්වල සංයුතිය එම ටැංකියේම වහ පියවර ගත යුතු බවත් එලෙස සදහන් කිරීමට පියවර ගනු ලබන්නේද – නැද්ද යන්න අද (15) අධ්කරණය හමුවේ ප්‍රකාශ කර සිටින ලෙසත් ඊයේ (14) අභියාචනාධිකරණය ලිට්රෝ ගෑස් සමාගමට නියෝග කළේය.

පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් සාම්පල, ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බැවින්, එම ලිට්‍රෝ ගෑස් තොගය ගොඩ බෑමට අවසර නොදෙන ලෙසට පාරිභෝගික අධිකාරියෙන් නියෝග කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles